( කාංචන කුමාර ආරියදාස ලග්ගල සිට)
තමා ඉදිරියේදී මෙරට ජනාධිපති වූ විට සමෘද්ධිලාභීන් හට සමෘද්ධි ආධාරයට අමතරව නැවතත් ප්‍රේමදාස ජනපති යුගයේ ආරම්භ කළ ජනසවි සහනාධාරය ලබාදීමට තමා තීරණය කළබව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (19) ලග්ගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
එමෙන්ම මැණික් කර්මාන්තය සඳහාද විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට තමන් ඉදිරියේදී බලාපොරොත්තු වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝහිනී විජේරත්න මහත්මිය සංවිධානයකර තිබූ මෙම ජනහමුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.
රෝහිනී විජේරත්න, වසන්ත අළුවිහාරයේ, මුජිබර් රහුමන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 නොවැම්බර් මස 17
40
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සමෘද්ධිලාභීන්ට ජනසවි සහනාධාරයත් දෙනවා
sam Saturday, 19 October 2019 11:00 PM
මිනිස්සුන්ට ඔලුව උස්සලා නිවහල් වෙන්න දෙන්න. එයට හරියන දියුණුවෙන ක්‍රම සලවන්න. නිකම් කන මානසිකත්වයටම අදින්න එපා. අරහෙන් මෙහෙන් ආධාර බලාගෙන රටක් කරන්නත් එපා.
ajith Sunday, 20 October 2019 01:53 AM
මෙයා හදන්නේ ලංකාවේ ඔක්කොම සහනාධාර වලින් යැපෙන ලෝකයේ හිගන රටක් කරන්න. නායකයෙක් කරන්න ඕන රටේ අයෝජන වැඩි කරලා රැකියා උත්පාදනය කරන එක. එතකොට රටේ ජනතාව රටටත් වැඩක් කරලා තමන්ගේ අවශ්‍යතාත් ඉටුකර ගනීවි.මේ වගේ මෝඩ වැඩ කරලා රට තවත් පහලට අදින්න එපා.
sam Sunday, 20 October 2019 02:24 AM
ඉස්සර කෙනෙක් හාල් හඳෙන් හරි ගෙනත් දෙනවා කිව්වා වාගේ සජිත් මහත්තයාත් මේ දෙනවා කියන දේවල් දෙන්නේ කොහොමද කියලත් කිව්වානම් තමයි හොඳ.....