IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන දිස්ත‍්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, ප‍්‍රාදේශීය රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විශේෂ වෛද්‍ය ඒකක යන ආයතන 98ක වෛද්‍ය නිලධාරීන් 190 දෙනෙකුගේ සහ සහකාර වෛද්‍ය නිලධාරින් 15 දෙනකුගේ උග‍්‍ර හිගයක් පවතින බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙයි.
 
මේ අතර දැනට සේවයේ යෙදී සිටින වෛද්‍ය  නිලධාරීන් 708 දෙනාගෙන් ප‍්‍රසූත නිවාඩු සහ අධ්‍යයන නිවාඩු ලැබූ පිරිසක් ද සිටින බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ තත්ත්වය යටතේ සබරගමු පළාතේ ලක්‍ෂ 20කට අධික ජනතාවකගේ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ දී බරපතල ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
 
ඇඹිලිපිටිය  දිසා මහ රෝහල සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. සබරගමු පළාත්ට අමතරව, ඌව සහ දකුණු පළාතේ ජනතාව ද ඉන් සේවාවන් ලබති.
 
ඇහැලියගොඩ, කහවත්ත, බළන්ගොඩ, කලවාන, මාවනැල්ල, වරකපොළ සහ කරවනැල්ල යන මූලික රෝහල් හත ද සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. මීට අමතරව ප‍්‍රාදේශීය රෝහල් පනස් හයක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 30ක් ද, විශේෂ ප‍්‍රතිකාර ඒකක හයක් ද සබරගමු පළාත් සභාව මගින් පාලනය වන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පෙන්වා දෙයි.
 
මෙම සෞඛ්‍ය ආයතනවල සේවය කිරිමට අනුමත ව ඇති වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 898ක් වන නමුත් සේවය කරන්නේ 708කි. සහකාර වෛද්‍යවරුන් 85 දෙනෙකුගේ අවශ්‍යතාවක් ඇතත් සේවය කරන්නේ 70කි. ඉන් ඉදිරියට සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය සේවයට සහකාර වෛද්‍යවරුන්ගේ සේවය ලබා නොගන්නා බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. ඒ අනුව සහකාර වෛද්‍ය සේවයේ නියුතුවු නිලධාරියෙකුගේ විශ‍්‍රාම යාමක් හෝ ඉවත්වීමක් මත පුරප්පාඩුවන එම තනතුරු සදහා වෛද්‍ය නිලධාරීවරයෙකුම බඳවා ගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ ද සබරගමු පළාතෙන් සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබාගැනීමක් නොවනු ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ අතර පසුගිය 01දා සබරගමු පළාත් සෞඛ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලැබූ සහකාර වෛද්‍ය නිලධාරින් සිව්දෙනෙකු කොන්ත‍්‍රාත් පදනම මත පළාත් සෞඛ්‍ය සේවාවට යළි එක්කර ගැනීම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ප‍්‍රධානත්වයෙන් ජූලි 02දා සිදුවිය.



අදහස් (0)

සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site