
(නයෝමි දිල්රුක්ෂි)
සබරගමු පළාත් ගුරු සේවය සඳහා නවක ගුරුවරුන් 917 දෙනකු වෙත පත්වීම් ප්‍රධානය කිරීම සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය සමත් වූ 21 දෙනකුද, 2018.04.27 සහ 2019.03.31 යන දෙදින ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව මඟින් පවත් වන ලද විවෘත තරඟ විභාගයේ ඉහළම ලකුණු ලැබු 387 දෙනකුද මෙම පත්වීම් ලාභීන් අතර වෙති.
එමෙන්ම 2020.08.28 වන දින අයදුම් පත් කැඳවු සියළුම දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සහ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් 251 ද සිංහල මාධ්‍ය උපාධිධාරීන් 285 දෙනකුද සෙසු අය වෙති.
ඒ අනුව ඉතිහාසය, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, බුද්ධධර්මය, බෞද්ධ ශිෂ්ඨාචාරය, විද්‍යාව, ඉංග්‍රීසි, ජෛව පද්ධති තාක්ෂණය, ගණිතය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම් අධ්‍යයනය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උපදේශනය, සිංහල භාෂාව හා සාහිත්‍ය, චිත්‍ර කලාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය ක්ෂෙත්‍ර සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය බඳවා ගැනීම් සිදු කර ඇත.
පත්වීම් ප්‍රධානය සෞඛ්‍ය උපදෙස් මත සිදු කරනු ලැබු අතර මෙදින (28) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙත ද පස්වරුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙතද සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පත්වීම් ප්‍රධානය කරන ලදි.
සෙසු පත්වීම් ලිපි පත්වීම් ලාභීන් වෙත තැපැල් මාර්යෙන් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර ඇත.

2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සබරගමුවට නවක ගුරුවරු 917 ක්