(දයාරත්න ඇඹෝගම)
 
ගෙවීමේ ක්‍රමයට ශීතකරණයක් මිලදී ගැනීමට පදවිය ව්‍යාපාරික ස්ථානයකට ගිය මවකට අතවර කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය බණ්ඩාරනායක මාවතේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ පදවිය ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි විවාහක දෙදරු මවකි.

ශීතකරණ පරීක්ෂා කරන අවස්ථාවේදි වඩා හොද ශීතකරණ වෙළදසැල පිටුපස කාමරයක ඇති බව පවසා ව්‍යාපාරිකයා තමන්ව පිටුපසට රැගෙන ගිය බවයි.

එහිදී තමාට මරණීය තර්ජන එල්ල කර තමන්ව බලහත්කාරයෙන් අතවර කළ බව ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.  

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ව්‍යාපාරිකයා අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.