පුෂ්පකුමාර මල්ලවආරච්චි
ඉඹුල් ගස් වාඩිය වෙඩි බෙහෙත් ගබඩා භූමියේ ගාල්කර සිටි ගවයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂයකට විකුණූ බව කියන සිවිල් ආරක්ෂක භටයකු සහ ගවයින් මිල දී ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (31) අලුයම අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන පොලිස් වසමට අයත් ඉඹුල්ගස්වාඩිය ප්‍රදේශයේ පිහිටි වෙඩිබෙහෙත් ගබඩා වේ ආරක්ෂාව සඳහා යොදවා සිටි කටුනායක කඳවුරට අයත් සිවිල් ආරක්ෂක යෙකි.
එම ස්ථානයේ රැක වලින් යෙදී සිටි සිවිල් ආරක්ෂකයා එම ඉඩමේ ගාල්කර සිටි ගවයින් දෙදෙනා පෙරේදා 30 රාත්‍රී 7.00 ට පමණ රුපියල් ලක්ෂයක මුදලකට විකුණා ඇතැයි මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ
ගවයින් මිලදී ගත් පුද්ගලයින් දෙදෙනා ගවයින් දෙන්නා ලොරියක පටවා ගෙන රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
කටාන පොලිසිය ට ලැබුණු තොරතුරක් මත ගවයින් දෙදෙනා ප්‍රවාහනය කල ලොරිය හා මිලදී ගත් පුද්ගලයින් ද අ අඩංගුවට ගෙන ගෙන ඇත .
ගවයින් විකුණු සිවිල් ආරක්ෂකයා හා මුදල් ද ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැක කරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිවිල් ආරක්ෂකයා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් පැවැත්වෙන බවද පොලිසිය කියයි.
කටාන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි බෙහෙත් ගබඩා බිමේ හරක් හොරෙන් විකුණු සිවිල් ආරක්ෂක අත්අඩංගුවට