IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විවාහක කාන්තාවට අතවර කරන්න ගිය කපුවා අත්අඩංගුවට

( නිශාන්ත කුමාර)
අත්හැර දමා ගිය   සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් වයස අවුරුදු 27 ක විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ  දේවාලයක කපුවෙකු අද (23)  උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
 
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට අළුත්තරම පදිංචි වයස අවුරුදු  55 ක පුද්ගලයෙකි. මෙම කපුවා විසින් මෙම කාන්තාවගෙන් රුපියල්  20,000 ක මුදලක්ද වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවටද කාන්තාව විසින් පොලීසියට පැමිණීලි කර ඇත.
 
සැමියා විසින් අත් හැර දැමීම නිසා අසරණව සිටි ලග්ගල පොලිස් වසමට ගම්මානයක පදිංචි මෙම කාන්තාව ගිරාදුරුකෝට්ට අළුත්තරම ප්‍රදේශයේ පිහිටි මෙම කපුවාට අයත් දේවාලයක් වෙත පැමිණ ඇත්තේ  තාම හිතවතෙකුගෙන් ලද තොරතුරක් මත ය.
 
 එහි පැමිණි කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් කපු   මහතාට තොරතුරු පවසා ඇති අතර වෙන්ව ගිය සැමියා ඉතා පහසුවෙන් යළි ගෙන්වා දිය හැකි බවට කපු මහතා විසින් ඇයට පොරොන්දුවක් ලබා දී ඇත.ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූලික වියදම් බව   පවසමින් කාන්තාව ගෙන් රුපියල් 20,000 ක මුදලක්ද කපුවා ලබාගෙන ඇත.

අනතුරුව ගුරුකමක් කළ යුතු බව පවසමින් කපුවා   මෙම කාන්තාවට තනිවම පැමිණෙන ලෙස පවසා ඇය ත්‍රීවිල් රථයකින් කිසියම් ස්ථානයක් කරා රැගෙන යෑමට තැත් කර ඇත. ගමන අතරතුරදී තඹ තහඩුවක් පෙන්වා ඇයට අයුතු   යෝජනාවක් කළ කපුවා  ඇය එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇයව ප්‍රදේශ්යේ ලැගුම්හලක් වෙත රැගෙන යෑමට උත්සාහ දරා ඇත.



අදහස් (0)

විවාහක කාන්තාවට අතවර කරන්න ගිය කපුවා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site