(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරයේ තිබූ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවසීය.
සිය පාසලේ දී ශ්‍රමදාන කටයුත්තකට පැමිණි විදුහල්පතිවරයා තම නිල කාමරයේ තිබූ පරිගණකය නොමැති වීම පිළිබඳ බේරුවල පොලිසියට කළ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනා හා පරිගණකය සොයා ගෙන තිබේ.
සිසුන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ පරිගණක ක්‍රීඩා සඳහා පරිගණකය රැගෙන ගිය බවත් විදුහල්පති නිල කාමරයේ ජනෙල් කූරු ඈත් කර එයට ඇතුළු වූ බවත්ය.
පොලිසිය එම පරිගණකය සොයා ගන්නා විටත් කොටස්වලට ගලවා තිබී ඇති අතර විටින් විට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමට එම සිසුන්ට නොහැකි වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිගේ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට
විජේරත්න අඹතලාව Tuesday, 02 June 2020 12:36 PM
එම සිසුන් යහමගට ගැනීමට පහසු වේව්. පෞද්ගලිකව සාකච්චාවක් කර පරිගණක සමාජයක් අරඹා භාරකාරත්වය හා මූලිකත්වය ඔවුනට දියයුතුය.