(බී.ජී. අමරසිංහ)
ඌරගස්මංහන්දිය කොටුවබැන්දහේන, නියකොළහේන ප‍්‍රදේශයේදී අද (19) අනවසර විදුලි රැහැනක දැවටී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ නියකොළහේන කුඩා ඌරගහ පදිංචි ටී.එච්. ටියුඩර් නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.
වන සතුන්ගෙන් මඤ්ඤොක්කා හේනක් ආරක්ෂා කර ගැනීමට මෙම අනවසර විදුලි රැහැන දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd