(ඩී.ජී.සුගතපාල)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර, රුපියල් (443,176ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවකයා ලබන 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හික්කඩුව මලවැන්න පදිංචි උඩුවිල ආරච්චිගේ රුජිත් ප්‍රියේන්ද්‍ර සිසිර කුමාර නමැති සැකකරුවෙකි.
දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් රසිකා උපේන්ද්‍ර ඉද්දමල්ගොඩ දිසානායක මහත්මිය විසින් ගාල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලදි .
කොමසාරිස්වරියගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා වසරක කාල සීමාව තුළ සැකකරු මෙම වංචාව කර ඇති බවය.
වෑන් රථයක හිමිකරුවෙකු ආදායම් බලපත්‍රය ලබා ගැනිමට ගිය අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉදිරිපත් නොකර නිසා රුපියල් 5,040ක දඩ මුදලක් ගෙවිය යුතු බවය. ඒ අනුව ඔහු එම මුදල ගෙවා ආදායම් බලපත්‍රය ලබාගෙන ඒ පිළිබඳව කොමසාරිස්වරියට ලිඛිතව දන්වා තිබේ.
ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්විමේදී වෑන් රථයට 2019/2020වර්ෂය සඳහා නිකුත් කරන ලද ආදායම් බලපත්‍රයට ආදාල ආදායම දෛනික වාර්තා පොතේ සටහන්ව නොමැති බවට නිලධාරිනියක විසින් කොමසාරිස්වරියට දැනුම්දෙන ලදී. එයට අදාළ ලේඛන සහ පරිගණක මෘදුකාංග පරීක්ෂා කිරීමේදි වෑන් රථය සඳහා 2019/2020 වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදි රුපියල් 5,040ක මුදලක් වැඩිපුර අයකරගෙන ඇති බව අනාවරණය වී ඇත.
පසුව ඒ බව නාරාහේන්පිට පිහිටි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනට දැනුම්දී තිබේ. එහිදී ලබාගන්නා ලද 2018 අගෝස්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාල සීමාව තුළ දත්ත පරීක්ෂා කිරීමේදී එම මුදල් අයකැමි භාර සේවකයා මෙම වංචාව සිදුකර ඇති බව හෙළි වී ඇත. ඒ අනුව කොමසාරිස්වරිය පොලිසියට පැමිණිලි කර ඇත.
ගාල්ල සහකාර පොලිස් අධිකාරි දුල්ශාන් නාගහවත්ත මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක අරුණලාල් මහතාගේ මෙයෙවිම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් නිශාන්ත උප පොලිස් පරීක්ෂක එම්.නිමල් .සැරයන්වරුන් වන බණ්ඩාරිගොඩ(58971) රෝහණ(31957) මහිලාල්(20484) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං හම්බකරපු සල්ලිත් ඉවරයි. හොරකම් කරපු සල්ලිත් ඉවරයි. මෙයා විනය පරීක්ෂණ වල පැමිණිලි මෙහෙයවන්න හරි ප්‍රසිද්ධ කෙනෙක්. පහුගිය වසර 5 ක පමණ කාලයේදී විනය පරීක්ෂණ වල පැමිණිලි 100කට වඩා මෙහෙයවල තියනෙවා කියලා කෙනෙක් වාර්තාවක් දීල තියෙනවා. ලක්ෂ ගණන් මුදල් උපයලා තියෙනව. මේ දූෂිත නඩයේ එක්කෙනෙක් විතරයි. තව ගොඩක් අය ඉන්නවා. දැන් ඉතිං විනය පරීක්ෂණවල පැමිණිලි මෙහෙයවලා අසාධාරණ විදියට ගත්ත සල්ලිත් ඉවරයි. මෙයා කරල තියෙන්නෙ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් නොවෙයි. රජයේ මුදල් හොරකම් කිරීමක්. ඒ නිසා කොහොමත් හිරේ යනවා. මේව නිකං නොවෙයි මේ බෞද්ධ රටේ දෙවි දේවතාවුන් දෙන දඩුවම්. දෙවියෝ මේ අයට දඩුවම් දෙනවා. ලක්ෂ හතරහමාරක් නොවෙයි අඩුම තරමින් ලක්ෂ 25 ක් වත් මේ විදියට ගන්න ඇති. පරීක්ෂණ යට ගසාවිදැයි සැකයි. අසාධාරණ විදියට ජිවත් වෙන්න හදන හැම කෙනාටම හොද පාඩමක්.
කරන කලට පව් මිහිරිය මී සේ - විදින කලට දුක් දැඩි වෙයි ගිණිසේ. පව් තමයි. මොනව කරන්නද?
මේව අනික් නිලධාරීන්ට හොද පාඩම්. හොද වැටුපක් හම්බ වෙනවනම් මොකටද හොරකම් කරන්නේ. අනික මේගොල්ලො තමයි නම් දරන කම්බ හොරු වෙන්නේ. උපරිම දඩුවම් දෙන්න ඕන මෙවැනි අයට. කිසිසේත්ම අනුකම්පා කරන්න හොද නැහැ.
දකණටම ලැජ්ජයි. හිගා කෑවානම් ඔයිට වඩා හොදයි.
ජයන්ති ඔබ කියන දේ හරියටම හරි. දකුණටම ලැජ්ජයි.
අනේ පව්. නැති බැරි කමටනේ එහෙම කරන්න ඇත්තේ. බැරිද නීතිය නවලා මෙයාව අතහරින්න.
සංසාරගතත පුරුද්දක්. මේ වගෙ අය පුනරුත්ථාපනය කල යුතුයි.
කුම්බලා මාලු කෑවා නම් දුක්විදපං බළලෝ කිව්වලු
මේ වගේ හොරුන්ට නැවතත් රස්සාව දෙන්න එපා.දැන් ඉතිං පුරැද්දට දිගටම කරන්නෙ මේ වගේ වැඩ තමයි.ඒක නිසා රස්සාවෙන් පලවා හැරියට පව් නැහැ.
ඉතා හොඳ දඩුවමක්. ඉතා හොඳයි.