IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වාරියපොල පිරවුම් හලක ගින්නක්

 

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල මාමුණුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද (01) සවස ගින්නක් ඇතිවී බරපතල ලෙස හානියට පත්ව ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

සවස පහට පමණ ගින්න ඇතිවී තිබෙන්නේ වාහනයක විදුලි කාන්දුවකින් බවට සැකකෙරේ.  ඒ හේතුවෙන් එහි තිබූ ඉන්ධන බවුසරයකට ගිනි ඇවිලී ඇති අතර පසුව ගින්න ඉන්ධන පිරවුම් හලේ එක් ඉන්ධන පොම්පය කට සහ පිරවුම් හලේ වහලයේ කොටසකටද පැතිරී තිබිණ.

කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ සවස 6.39 පමණ වනවිට ගින්න පාලනය කර ගැනීමට හැකිවූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.

වාරියපොල පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න පැතිරීම වැලැක්වීමට ක්‍රියා කළ අතර ගින්න හේතුවෙන් කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය. ගින්න හේතුවෙන් සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැත.



අදහස් (0)

වාරියපොල පිරවුම් හලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 407 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site