IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ව්‍යාජ මැණික් ගල්වලට රන්මාලයක් වංචනිකව රැගෙනයයි



(*** කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන නගරයේ රාජ්‍ය   බැංකුවක් අසලදී අද ( 29 )  ව්‍යාජ මැණික් ගල් තුනක් ලබාදී  කතකගේ පවුම් 1 1/4ක රන්මාලයක් වංචනිකව රැගෙනගොස්  ඇති තරුණියක් සොයා  විමර්ශන ආරම්භ කර ඇතිබව  කලවාන පොලීසිය පවසයි.

කලවාන සතිපොළ පැවැත්වෙන අද (29) දිනයේ විශාල ජනකායක් නගරයේ ගැවසෙන අතර සතිපොළ වෙත පැමිණි කලවාන පිඹුර ප්‍රදේශයේ පදිංචි 61 හැවැරිදි කාන්තාවකගේ රන්මාලයක් ව්‍යාජ මැණික් ගල් පෙන්වා මෙලෙස වංචාකර රැගෙන ගොස් ඇතිබව කලවාන පොලිසිය කියයි. වයස අවුරුදු 30 ක පමණ තරුණියක් පැමිණ මැණික් ගල් පෙන්වා පෙරත්ත කරමින් මැණික් ගල් ලබාගන්නා ලෙස ඉල්ලා සිටි බවත්, පසුව මුදල් නොමැති බව ප්‍රකාශ කළ පසු රන්මාලයට මැණික් ගල් හුවමාරු කිරීමට එකඟ වූ පසු තමන් රන්මාලය ගලවා ඇය වෙත ලබාදුන් බවත් පසුව ඇය පිළිබඳව සැක සිතී මැණික් ගල් පරීක්ෂා කර බැලීමේදී ඒවා ව්‍යාජ ඒවා බව දැනගත් පසුව පොලීසිය දැනුවත් කර ඇතිබව කලවාන පොලිසිය කියයි. රන්මාලය පවුම් 1 1/4ක  පමණ බවත් එහි පෙර වටිනාකම රුපියල් 45,000 ක් පමණ වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස් දයාවංශ මහතාගේ මෙහෙයවීම මත සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.



අදහස් (0)

ව්‍යාජ මැණික් ගල්වලට රන්මාලයක් වංචනිකව රැගෙනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 659 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site