(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මරතෝඩි කාන්චනමොටෙයි ප්‍රදේශයේ දී තරුණියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
මීට අවුරුදු 3 කට පමණ පෙර අදාළ තරුණිය ඇතුළු පිරිස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට කාන්චනමොටෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වී ඇති අතර එකවරම වෑන් රථයකින් හා ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණිය පැහැරගෙන යාමට උත්සහ දරා ඇත.
වයස අවුරුදු 17 ක් වූ තරුණිය පැහැරගෙන වෑන් රථයට දමාගත් සැකකරුවන් වෑන්රථය ධාවනය කරමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එම අවස්ථාවේම ක්‍රියාත්මක වී වෑන් රථය ලුහුබඳිමින් ඒ බව පුලියන්කුලම් පොලීසියට දැනුම් දී ඇත.
එහිදී සැකකරුවන්ට හා වාහන වෙතට ප්‍රදේශවාසීන් විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර පුලියන්කුලම් පොලීසිය විසින් තත්වය පාලනය කර ඇති අතරම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිසිය පවසයි.
තරුණිය පැහැර ගැනීම සිදු කළ අයගෙන් ප්‍රධාන සැකකරු අදාළ තරුණියගේ නිවස සැදූ මේසන්බාස් බවට හඳුනාගෙන ඇති අතරම සැකකරුවන් වව්නියාව මරඳන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd