IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වවුනියාවේ එළවළු මිල ඉහළට

සිතුම් චතුරංග

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව විශාල ප්‍රමාණයක් අද (27) දිනයේ වවුනියාව නගරයේ එළවළු මිළදී ගැනීමට පැමිණීමත් සමඟ එළවළු මිළ සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.

වෙනත් ප්‍රදේශවල සිට පැමිණි වෙළෙදුන් විශාල පිරිසක් වවුනියාව නගරයේ එළවළු අලෙවි කළද ඉල්ලුම වැඩිවීම හේතුවෙන් එළවළු ව්‍යාපාරිකයින් විසින් මිළ ඉහළ දමා ඇතැයි පැවසීය.

ඒ අනුව කැරට් කිලෝවක මිල රුපියල් 350 ත් 400 වන අතර තක්කාලි කිලෝවක් රුපියල් 150 ත් 200 අතර මිලකට අලෙවි වේ.

බෝංචි කිලෝව රුපියල් 140 , ලූණු කිලෝව 200 , මාළුමිරිස් කිලෝව 140 , මෑකරල් කිලෝව 150 , වම්බටු කිලෝව 200 , ගෝවා කිලෝව 100 ක් හා වට්ටක්කා කිලෝව 120 කට වවුනියාව නගරයේ අලෙවි විය.

එළවළු මිළ වැඩිකිරීම හේතුවෙන් තමන් දැඩිලෙස අසීරුතාවට පත්ව ඇතැයිද ජනතාව වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

වවුනියාවේ එළවළු මිල ඉහළට

Jay Friday, 27 March 2020 08:39 AM

නැති බැරි මිනිහව හූරන් කන්න බලාගෙන ඉන්නේ ඕනේ වෙලාවක. ඕව මේ ආත්මෙදිම පල දෙනවා. අසාධාරන විදිහට හම්බ කරන සල්ලි වලින් වගුතුවක් වෙන්නේ නැහැ.

:       0       1

isurandi Thursday, 09 April 2020 07:45 AM

මේවා ගැන නේද නිලධාරින් සොයා බැලිය යුත්තේ මේ අවස්ථාවේදී කටින් බතල හිටෙව්වට පලේ මොකක්ද මේ විදිහට වැඩ සිද්ධ වෙනවනම් රට වටේම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site