(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, නෙඩුන්කේනි, නයිනමඩුව ප්‍රදේශයේ සිට වවුනියාව නරගයට පැමිණි සිය දරුවන් දෙදෙනා අතුරුදහන්ව ඇතැයි ඔවුන්ගේ පියා වවුනියාව පොලීසිය අද (23) උදෑසන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වව්නියාව පොලීසිය පවසයි.
පසුගිය 20 වැනිදා වවුනියාවට පැමිණි මෙම දරුවන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ පියා සඳහන් කරයි.
නෙඩුන්කේනි නයිනාමඩුව ප්‍රදේශයේ පදිංචි විජයසුන්දර දර්ශන් නමැති 19 හැවිරිදි තරුණයෙකු හා විජයසුන්දර් නිදර්ශන් නමැති 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන්ව ඇත.
ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් 0775415912, 0775261259 යන දුරකථන අංකවලට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස ඔවුන්ගේ පියා ඉල්ලා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd