(එස්. ඩි.කොඩිකාර සහ එන් .කේ ඉන්ද්‍රවංශ)
කනංකේ ගල්ලල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට කැබලි 157 ක් , වල්ලාපට්ටා කුඩු කිලෝ 58 ක් සහ ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක් ඇතුළු සැකකරුවෙකු අද (14) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු බව අඩවිවන කාර්යාලය සඳහන් කරයි.
අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී තෙල් සිඳීමට යොදා ගන්නා මෙරට නිෂ්පාදිත සුදු යකඩ බොයිලේරු දෙකක් ,ගෑස් සිලින්ඩර දෙකක්, ගෑස් ලිප් දෙකක් ඇතුළු පෙරුම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
කාලාන්තරයක් තිස්සේ සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වන රක්ෂිතයක් ආසන්නයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට වැටලීම සිදු කළ අඩවි වන නිලධාරී කාර්යාලය උසස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඇප බැඳුම් කරයක් මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස අඩවි වන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් අල්ලනවා. මේවා නිවැරදි විදියට කරන හැටි ප්‍රසිද්ධ කරන්න. රටට ආදායමකුත් මිනිසුන්ට රැකියාත් ලැබෙන විදියට. රටේ වවන්න පුළුවන් දෙයකින් ආදායමක් ගන්න එක වරදක් වෙන්නේ රක්ෂිතයකින් ගස් කැපුවොත් විතරයි නොවේද?