(නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතගම ගම්මානයට අද (14) අලුයම කඩා වැදුණු වන අලියකු එහි නිවසක බිත්ති තුනක් පෙරළා දමා නිවස තුළ තිබූ වී මලු 11 ක් කා දමා නිවසට ද හානි කර ඇතැයි එම නිවෙස් හිමියෝ පවසති.
ගෙවත්තේ තිබූ ගස්ලබු ගස් ඇතුළු බව බෝග රැසක් ද කා දමා විනාශ කර ඇත.
අලි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවස තුළ කිසිවෙකුත් නොසිටි අතර නිවස හිමි පුද්ගලයා මළ ගෙදරක ගොස් අලුයම් කාලයේ නිවස වෙත එමින් සිටියදී වන අලියකු සිය නිවසේ බිත්තිය පෙරළනු දැක කෑගසා ඇති අතර වන අලියා ඔහුට ද පහරදීමට තැත් කර තිබේ.
මෙම වන අලියා ගම්මානයට නුදුරින් පිහිටි රන්දෙනිගල රක්ෂිතයේ සිට පතහගල රක්ෂිතය ඔස්සේ ගම්මානය වෙත එන්නට ඇතැයි ගම්මු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd