( ක.ග කරුණාරත්න)
දෙහිඅත්තකණ්ඩිය, පුස්සලවින්න, මාවනාගම ප්‍රදේශයේදී අද (19) වන අලියෙකු පහරදීමෙන් තිදරු පියෙකු මිය ගොස් ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, පුස්සලවින්න, මාවනාගම පදිංචි හේරත් මුදියන්සේලාගේ අප්පුහාමි (66) යන අයයි.
තම ගෙවත්තට පැමිණි අලියා එළවා දැමීමට මේ පුද්ගලයා උත්සාහ දරා තිබෙන බවත් ඒ අවස්ථාවේදී නිවෙසට ආසන්නයේ පිහිටි කෙත් ඇල අසලදී ඔහුට අලියා පහර දී ඒ ස්ථානයේම මරා දමා තිබෙන බවත් විමර්ශනවලදී හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd