(ප්‍රියානි මංගලිකා)
ගල්ගමුව ,ට්‍රැක්පහ ප්‍රදේශයේ දී වල්අලි පහරදීමකින් 62 වියැති දෙදරු මවක් එම ස්ථානයේම මියගොස් ඇතිබව පොලීසිය පවසයි.
පෙර දින රාත්‍රියේ 8.30 ට පමණ වල්අලි පහර දීම සිදුව ඇති බවද, ගල්ගමුව කරුවලගස්වැව පදිංචිකාරියක වන එම්.එම්.බේබි නෝනා (62) නැමති දෙදරු මව මෙලෙස මිය ගොස් තිබේ.
මෙම කාන්තාව තම ගමට අල්ලපු ගම වන ට්‍රැක්පහ නැමති ග්‍රාමයේ තම මිණිබිරියගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ නිවස පිටුපසින් ශබ්දයක් ඇසී නිවසේ ඉදිරිපස දොර හැර මිදුලට බසින විටම ගෙවත්තේ රැඳී සිටි වල් අලියා කාන්තාවට පහර දී එම ස්ථානයේම මරා දමා ඇතැයිද පොලීසිය පවසයි .
මරණකාරියගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද (9) සිදු කිරීමට නියමිතය.
ගෙමිදුල ආසන්නයේ වගාකර ඇති තල වගාවද වල් අලියා විසින් විනාශ කර දමා ඇති අතර මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ විනාශ කළ ශාඛයන් විසිරී ඇති අයුරු ද දක්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd