(දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ නාඋල ඉන්දික අරුණ කුමාර)
වන අලියෙකු සිදුකළ පහරදීමකින් නාඋල නාලන්ද බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි සිල්මාතාවක් ඊයේ (29) දින රාත්‍රියේ අපවත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි.
මෙසේ අපවත් වී ඇති බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසූ අතරගල්ලෑව ඥානමිත්තා නම් (60) හැවිරිදි සිල්මාතාවක් බව හඳුනාගෙන තිබේ.
ලංකාව පුරා වැඩසිටින සිල් මාතාවන්ගේ වාර්ෂික සම්මන්ත්‍රණ මාලාවක් ඊයේ (29) දින කොළඹ කැළණිය ප්‍රදේශයේ පැවැති බවත් එම අවස්ථාවට සහභාගී වී නැවතත් රාත්‍රියේ ආරාමයට ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයි එම ස්ථානයට වැඩම කළ අනෙකුත් සිල්මාතාවෝ පැවසූහ.
අපවත් වූ සිල්මාතාවන් සිය ආරාමයට මීටර් 100ක් පමණ ආපසින් අතුරු පාරකදි වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බව පොලිසිය කියයි.
නවුල බෝගස් බෝබැල්ල ප්‍රදේශයේ නිතර නිතර වන අලි ගැවසීම නිසා දැඩි භීතියට පත්ව තිබෙන බව ජනතාව චෝදනා කරති. වනජීවී නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නද කිසිදු ඵලක් නොවන බව එම ප්‍රදේශයේ වැඩ වසන භික්ෂු මහා සංඝයා වහන්සේලාද සඳහන් කළහ.
මෙම සිල් මාතාවන් වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් දහවල් වනතුරුත් කිසිදු වනජීවී නිලධාරියකු හෝ මෙම ස්ථානයට නොපැමිණි බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයක මේ වෙනකොට මිනිස් ජීවිත ගණනාවක්ම වන අලින් විසින් පහර දී ඝාතනය කොට තිබෙන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම සිල් මෑණියන් ද විදුලි පන්දමක් අතැතිව පා ගමනින් යන අතරතුර එකවරම වන අලියා මුහුණට හසු වී පහර දෙන්නට ඇති බව පොලීසිය සැක පළ කරති.
අපවත් වූ සිල් මාතාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව නාඋල පොලිසිය සඳහන් කළේය.


(ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)




(ඡායාරූප - නාඋල ඉන්දික අරුණ කුමාර)
2025 නොවැම්බර් මස 04
345
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වනඅලියකු පහරදීමෙන් සිල්මාතාවක ජීවිතක්ෂයට