බිඟුන් මේනක ගමගේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගතා පරීක්ෂණයක් පවත්වා එයට ලකුණු 40 ට වඩා අඩුවෙන් ලබාගත් දරුවන්ට පෞද්ගලික අයැඳුම්කරුවන් සේ විභාගයට පෙනී සිටින්නැයි වත්තල ප්‍රදේශයේ බාලිකා පාසලක පාලනාධිකාරිය කළ බල කිරීමක් නිසා අද (24) එම දරුවන් පිරිසගේ මව්පියන් හා ගුරුවරුන් පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර පෙළ විභාග සමතුන්ගේ ප්‍රතිශතය ඉහළ දැමීමේ අරමුණෙන් මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙන බව එහි පාලනාධිකාරිය තමන්ට කී බවත් ඒ අනුව අදාළ පෙරහුරු විභාගයේ ලකුණු 40 මට්ටමට අඩුවෙන් ගත් සිය දරුවන්ගේ අ.පො.ස උසස් පෙළ විභාගයේ අපේක්ෂක අයැදුම්පත් පාසල හරහා විභාග දෙපාර්තමේන්තුවට යොමුකිරීම ප්‍රතික්ෂේප කළ බවත් මෙම සිද්ධියට මුහුණ පෑ මව්පියෝ පිරිසක් ‘ලංකාදීප’ යට පැවසූහ.
මෙම බාලිකා පාසලේ පසුගිය දිනෙක පැවැත්වූ ගුරු දෙගුරු රැස්වීමකින් පසුව එහි විදුහල්පතිනියගේ මගපෙන්වීම මත පසුගිය 22 (පෙරේදා) අදාළ අභියෝගතා පරීක්ෂණය පැවැත් වූ බවත් එහි ප්‍රතිඵල ඊයේ (23) ලබා දීමෙන් පසු මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බවත් එක් ශිෂ්‍යාවකගේ පියෙක් පැවසීය.
අඩු ලකුණු ලබාගත් ශිෂ්‍යාවන්ට පෞද්ගලික අයැදුම්කරුවන් සේ පෙනී සිටින්නැයි පාසලකින් නියෝග කරන්නේ කවර නීතියක් යටතේ දැයි තමා ප්‍රශ්න කළ බවත් ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් ඇතැයි එහිදී ගුරුවරුන් කීප දෙනෙකුම පැවැසූ බවත් ඔහු කීය.
මෙම අවස්ථාවේදී සිසුවියන් හා මව්පියන් හඬාවැටෙමින් එසේ නොකරන්නැයි ආයාචනා කළ නමුත් පාලනාධිකාරිය ඊට කන්දුන්නේ නැති බවට එම පියා චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ බාලිකා පාසලේ උප විදුහල්පතිවරයා සිදුවීම සත්‍ය බව පිළිගන්නා නමුත් එසේ කළේ සිසුවියන් උසස් පෙළ විභාගයට උනන්දු කිරීමට මිස අසාධාරණයක් කිරීමේ අදහසින් නොවන බව කීවේය.
පාසල් දරුවන්ගේ විෂය ප්‍රවීණතාව මත ඔවුන්ට පෞද්ගලික අයැදුම්කරුවන් සේ රජයේ විභාගවලට ඉදිරිපත් වන්නැයි නිර්දේශ කිරීමට කිසිදු නීතිමය පදනමක් නැති බව පිළිගත් හෙතෙම මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සමඟ සාකච්ඡා කර විසඳුමක් දෙන බව අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වත්තල බාලිකාවකින් අලුත් නීතියක්