IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ලොරි රථ අනතුරකින් 7 ක් රෝහලේ

(සිතුම් චතුරංග)

වවුනියාව, හොරොව්පතාන  ඒ 32 මාර්ගයේ මඩුකන්ද පාසල අසළදී අද (11) උදෑසන ලොරි රථයක් පෙරලී යෑමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

යාපනය සිට හොරොව්පතාන ප‍්‍රදේශයට ගොම රැගෙනඒම සඳහා ගමන්කරමින් තිබූ ලොරි රථයක් වේගය පාලනය කිරීමට නොහැකිව පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ ලොරි රථයේ රියදුරු ඇතුළු  එහි සිටි පුද්ගලයින් හයදෙනකු වන අතර ඔවුන් යාපනය හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූයේ වංගු සහිත ස්ථානයක් පසුකර යෑමට ගත් උත්සහයකදී ලොරි රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව පෙරලී ගොස් ඇති බවත් අනතුරින් ලොරි රථයට දැඩි ලෙස හානි සිදුවී තිබූ බවයි.

අනතුරින් තුවාල ලැබූවන් ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ එක් අයකු දැඩි සත්කාර ඒකකය් ප‍්‍රතිකාර ලබන බවත් සෙසු පුද්ගලයින්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

             



අදහස් (0)

ලොරි රථ අනතුරකින් 7 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site