IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වෙයි

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් සිට නොර්වුඩ් දක්වා ධාවනය වූ ලොරි රථයක් අද (27)  රාත්‍රී 9.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවත් අනතුරින් පසු ලොරි රථය ධාවනය කළ රියදුරා අතුරුදහන් වී ඇති බවත් පොලිසිය කීය.

ලොරි රථයේ මුහුණ දික්ඔය ඇළ දෙසටත් බද කොටස ප්‍රධාන මාර්ගය දෙසටත් සිටින සේ පෙරළී ඇත.

අධික වේගය සහ  රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර වන්නට ඇති බව හැටන් පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site