IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ලී වෙළෙඳසැලක් ගින්නකින් විනාශයි

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

කැස්බෑව නගරය ආසන්නයේ ලී වෙළෙඳ සැලක අද (22) අලුයම හටගත් ගින්නකින් එම වෙළෙඳ සැල සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි .

අලුයම 2.35ට පමණ පිළියන්දල පොලිසියෙන් කරන ලද දැනුම් දීමක් අනුව දෙහිවල ගල්කිස්ස  නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව අංශ භාර නිලධාරී එස් .සුනන්ද පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්  ගිනි නිවීමේ රථයක් හා ජල බවුසර් තුනක් රැගෙන එම ස්ථානයට පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

වෙළෙද සැලට යාබදව තිබෙන වෙළෙඳ සැල් පෙළ බේරා ගැනීමට හැකි වූ බව පිළියන්දල පොලිසියේ නිලධාරීයෙක් පැවසීය .

ගින්න ලී වෙළෙඳ සැලේ පිටුපස  පෙදෙසෙහි හටගෙන තිබීම සැකයට කරුණක් බව ලී  වෙළඳ සැලේ හිමිකරු පැවසූ බව දෙහිවල-ගල්කිස්ස ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ  අංශ භාර නිළධාරී එස්. සුනන්ද  පෙරේරා මහතා පැවසීය .

ගින්නත් සමගම ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇත.



අදහස් (0)

ලී වෙළෙඳසැලක් ගින්නකින් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site