( තිළිණි ද සිල්වා )

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු සීෂෙල්ස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල  සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් 7 දෙනෙකු යැයි ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් කීය.

ඔවුන් සතුව තිබී මෝර වරල් 250ක් සොයාගෙන ඇති  බව සී ෂෙල්ස් රජය විසින් දැනුම් දී ඇත.

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී මොවුන් ධීවර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

මෙම ධීවරයින් නිදහස් කරගැනීම සදහා නීතිමය කටයුතු සිදුකරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තු එම  ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.