(ටී. එල්. ජවුෆර්කාන්)
 
මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව නගරයේ  නේවාසිකාගාරයක සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් සයදෙනෙකු ලක්ෂ හතකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය කියයි.
 
මඩකලපුව  පොලිසිය  විමර්ශන  නිලධාරීන් ලද රහසිගත තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස වාලච්චේනයි,  කල්මුනේආරයනපති, කල්ලාරු,  සයින්දමරුදු,මඩකලපුව පුතුර්  යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

වැටලීමේදී  එක් අයෙකු පලා ගිය බවත්, ඔහුගේ ජංගම දුරකථනය  පොලිස් බාරයට ගත් බවත්, ඔහු පිළිබද පරීක්ෂණ කටයුතු  කරන බවත් පොලිසිය පවසයි.  

අත්අඩංගුවට ගත පිරිස විමර්ශනවලින්  පසු  ඇපමත මුදාහැර ඇති අතර  නීතිමය කටයුතු සදහා  මඩකලපුව මහේස්ත්‍රාත්  මාහධිකරණයේ නඩු පැවරූ බව මඩකලපුව පොලිසිය වැඩිදුරටත් පවසයි.