IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ලක්ෂ 30 ක මුදල් - දේපල සොරා ගත් පුද්ගලයකු අල්ලයි

 

(ශාන්ත ප්‍රදීප් කුමාර සහ ජයමාල් චන්ද්‍රසිරි)


ගෙවල් බිඳුම් තිස්පහකට වරදකරු වී වසර හයක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ මාස තුනක් ඇතුළත දී තවත් ගෙවල් බිඳුම් 12 කින් රුපියල් ලක්ෂ 30 ට ආසන්න මුදල් හා දේපල සොරාගත් පුද්ගලයකු අද (5) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 1120 ක් පොලිස් බාරයට ගැණිනි.

                                                     
සැකකරු සොරාගත් ලැප් ටොප් 5 ,එල්.ඊ.ඩී රූපවාහිනියක්,පරිගණක මොනිටරයක් , ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 5 ,රෝස්ටරයක් ,තිර රෙදි , සුවඳ විලවුන්  හා ලක්ෂ 11 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

මෙසේ සොරාගත් භාණ්ඩ ඉතා අඩු මිලට උකස් භාණ්ඩ ලබා ගන්නා ස්ථාන වලට  විකුණා මුදල්  ලබාගෙන ඇති අතර  එම මුදලින් හෙරොයින් පානය කර ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු දිනකට රුපියල් 12,000 -15000 අතර මුදලක් වැයකර හෙරොයින් පානය කිරීමට පුරුදුව සිට ඇතැයි ද පැවසේ.

අත්අඩංගුවට ගත්  සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.


සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ලක්ෂ 30 ක මුදල් - දේපල සොරා ගත් පුද්ගලයකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1064 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site