( ඩී.කේ.රත්න)
තණමල්විල නහලිය වන රක්ෂිතයේ දී රුපියල් ලක්ෂ 15 ක් වටිනා වියළි ගංජා කිලෝග‍්‍රෑම් 50 ග‍්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයකු අද (29) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල සූරියආර පදිංචි වයස අවුරුදු 21 තරුණයෙකි.
උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් තණමල්විල නහලිය වන රක්ෂිතයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd