(නිශාන්ත කුමාර)
පෞද්ගලික බස් රථයක සේවකයකුගේ පහර කෑමට ලක්වූ මහියංගන කළුගහකදුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයක රියැදුරෙකු අද (19) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කලුගහකදුර ප්‍රදේශයේ පදිංචි මහියංගන ඩිපෝවේ පදිංචි 36 හැවිරිදි රියැදුරු මහතෙකි.
පහරදුන් බව කියන පුද්ගලයා කන්දකැටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්රථ ධාවනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ගැටුමට හේතු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd