IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රේල් පීලිවලට ගල් තැබූ අයෙකු රිමාන්ඩ්

(ඩී. ජී. සුගතපාල)
 
ගිංතොට දුම්රිය ස්ථානයේ රේල් පීලි දෙක අතර ගල්තබා අවහිර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(04) බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් සහ රුපියල් 3,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර 5කට අත්හිටවනු ලැබුවාය.
 
මෙසේ දඬුවම් නියම වූයේ ගිංතොට දුම්රියපොළ ආසන්නයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙකු වන කංකානම්ගේ පේමදාස නමැති සැකකරුවෙකුටය.
 
මෙයට පෙර  අවස්ථා කිහිපයකදී ද ඔහු එක් මාර්ගයකින් අනෙක් මාර්ගයට මාරුවන (පයින්ටු)  පීලි අතර ගල්තබා දුම්රිය ගමනාගමනයට බාධා කර ඇති අතර ඒ පිළිබඳ ගිංතොට දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් දුම්රිය ආරක්ෂක හමුදාවට පැමිණිලි කර තිබින.
 
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ දුම්රිය ආරක්ෂක හමුදාවේ  නිලධාරීන් කණ්ඩායමක්  එම ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
ගිංතොට දුම්රිය ස්ථානයේ ස්ථාධිපතිවරයා සමග ඇතිවූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙසේ ගල් තබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
 
අත්අඩංගුවට ගත් සැකකරු හිතාමතාම හෝ ද්වේශ සහගත ලෙස ගල් දමා දුම්රිය මාර්ගයේ පයින්ටු අවහිර කර, දුම්රිය දේපලවලට සහ මගීන්ගේ ජීවතවලට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (0)

රේල් පීලිවලට ගල් තැබූ අයෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site