(කේ බුද්ධික කුමාරසිරි )
මීගොඩ හේනවත්ත ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහලට යාමට ඉදිකල පිය ගැට පෙළක් තාවකාලික සිවිලිමකින් ආවරණය කර තිබියදී එය මතින් ගොස් රෙදිවැලක් ගැට ගැසීමට ගිය කාන්තාවක් සිවිලිමත් සමග ඇඳ වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (24) මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මිය ගිය කාන්තාව අදාල නිවසෙහි කුඩා දරුවෙකු රැක බලා ගැනීම සදහා දිනපතා සතියේ දිනවල පැමිණ ඇති බවත් සිද්ධිය වූ දින පැමිණ රෙදි කිහිපයක් සෝදා වියළීම සදහා නිවසෙහි උඩුමහලෙහි රෙදි වැළක් ගැට ගැසීමට යාමේදී තාවකාලික ආවරණයක් යොදා සිවිලිමක් සකස් කර තිබූ ආවරණය මතට ඇද වැටී තිබේ.
එම තාවකාලික සිවිලිම ද සමගින් අඩි 9 ක් පමණ පහලට ඇද වැටෙන්නට ඇති බවට අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු දක්නට ලැබුණු තත්වය අනුව සැක පල කළ හැකි බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගොඩ පරණ පාර වටරැක පදිංචිකාරියක වන අමරසිංහ ආරච්චිගේ පියසීලී නමැති 60 හැවිරිදි දෙදරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෙදි වනන්න ගිය කත සිවිලිම කඩා වැටී මරුට