(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල අම්බලප්පල ප්‍රදේශයේ දී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී රුහුණු කුමාරී දුම්රිය ගැටී වයෝවෘද්ධ කාන්තාවක අද (29) මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන මාගල්කන්ද රොක්ලන්ඩ් වත්ත පදිංචි ගල්හයගේ ජොසී නෝනා නම් වූ 75 වියේ පසුවූ එක්දරු මවකි.
එම කාන්තාව දින තුනක සිට නිවසින් පිටව ගොස් විවිධ ස්ථානවල ජීවත් වී ඇති අතර අසනීප තත්ත්වයෙන් ද පසුවී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මියගිය තැනැත්තියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කළුතර නාගොඩ රෝහලේ දී සිදුකිරීමට නියමිත බව පොලීසිය කියයි.
බේරුවල පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd