
(රවී ලියනගේ)
ගාල්ල සහ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් 19 අසාධිතයින්ගේ ප්‍රමාණයන් සලකා බලා රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොවිඩ් 19 හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටකටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කන්චිත සමරසේකර මහතා පවසයි.
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම අධ්‍යාපන විද්‍යා පීඨය ආරක්ෂක හමුදාව විසින් පවරාගෙන නිරෝධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබුණි. කෙසේ නමුත් පවතින අනපේක්ෂිත තත්වයන් හමුවේ විද්‍යා පීඨය හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත් පත්කිරීමට ඇති පහසුකම් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් අද (30) එහි ගොස් සොයා බලා ඇත.
එම හුදෙකලා රෝහලට අවශ්‍ය කරන පහසුකම්, ආහාර පාන ලබාදීම් ලබාදීම් ආරක්ෂක අංශ විසින් දිගටම සිදුකරන බව විද්‍යා පීඨය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අද (30) සවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 65ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොවිඩ් 19 මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව අම්බලන්ගොඩ 01, බද්දේගම 02, බලපිටිය 31, ඉඳුරුව 03, බෝපේ පොද්දල 04, ඇල්පිටිය 02, ගාල්ල නගරය 04, හබරාදුව 01, ඉමදුව 01, කරන්දෙණිය 05, නාගොඩ 02,නෙළුව 01, රත්ගම 07, තවලම 01 ආදී වශයෙන් ආසාධිතයින් වාර්තාවී ඇති බවද මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
2025 නොවැම්බර් මස 21
191
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
254
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1147
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි