IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රිය අනතුරු දෙකකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම පොලිස් වසමේ  ප්‍රදේශ දෙකකදී අද (12)  දහවල්  පැය දෙකක් තුළ  සිදුවූ අනතුරු දෙකකින් තරුණයෙකු මිය ගොස්  තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව  බණ්ඩාරගම පොලිසිය කියයි.

වීදාගම  ගැලනිගම පදිංචිව සිටි  දුලක්ශන චමිඳු යන 17 හැවිරිදි තරුණයා අනතුරින් මිය ගොස් ඇත.  ඔහු යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී අනතුර සිදුව ඇත.

පානදුර සිට රත්නපුර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්  හොරණ  දෙසට ධාවනය වීමේදී, හොරණ දෙස සිට රයිගම දෙසට පැමිණෙමින් තිබූ  යතුරුපැදිය  බස්රථයේ ඉදිරිපස  දකුණුපස ගැටීමෙන්  එම අනතුර වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ  කඹුරුගොඩ ප්‍රදේශයේ දී කැස්බෑව දෙස සිට බණ්ඩාරගම බලා ගමන් ගත් ජීප් රථයක්  මාර්ගයේ වම් පසට ගෙන දකුණු පස පිහිටි නිදහස් සමරු  මාවත ප්‍රදේශයට මාර්ගය හරහා  හැරවීමට යාමේදී, කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන් කරමින් තිබූ දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක්  ජීප් රථයේ ඉදිරිපස දකුණු රෝදයේ සහ මඩ පුවරුවේ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා  බරපතළ තුවාල ලැබූ බව පොලිසිය කියයි.

එම අනතුරින් එක් පුද්ගලයෙකු අනතුරු සිදු වූ ස්ථානයේත් අනෙක් පුද්ගලයා ඊට මීටර් 10ක් පමණ ඈතින් ප්‍රතිවිරුද්ධ දිශාවේ විදුලි කණුවක් යටටත් වැටී ඇතැයි පොලීස් නිලධාරියෙක් පැවැසීය.එම අනතුරින් බරපතල තුවාල ලද යතුරුපැදියේ පසුපස ගමන් ගත් 25 හැවිරිදි තරුණයා  අසාධ්‍ය තත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතළ තුවාල ලද  අනෙක් පුද්ගලයා  කලුබෝවිල  ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

රිය අනතුරු දෙකකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site