(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
මෝටර් රථයක් යතුරුපැදි දෙකක් මෙසේ අනතුරට පත්ව තිබේ.
දඹුල්ල දෙසින් අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් බස් නැවතුම් පොළක නැවතී සිටිය පුද්ගලයන් දෙදෙනෙකුද යටකර ඊට මීටර් 100ක් පමණ දුරින් ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යටකරගෙන තවත් මීටර් පනහක් පමණ දුරකින් නවතාගෙන යතුරුපැදියක රැඳී සිටි අයකුද යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පොල් ගහකට දී නැවතී ඇති බව පොලීසිය කියයි.
අනතුරත් සමග පොල් ගස ද බිමට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුර නිසා දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ප්‍රදේශයෙන් පැය කිහිපයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
අනතුරින් තුවාල ලබා ඇති මෝටර් රථයේ පැමිණි තරුණියන් සිව් දෙනෙකු යතුරුපැදි දෙක සිටි පැදි කරුවන් දෙදෙනා සහ බස් රථයට ගොඩවීම සඳහා පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු අය ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකු මෙම මෝටර් රථයේ ගමන් කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .මෙම පිරිස ඉතා දැඩි කලබලකාරී තත්ත්වයකින් පසුවූ බවත් පොලිසිය කියයි.
මෝටර් රථයේ රියදුරු ගේ අපරික්ශාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි සිදු කරන මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි ගලේවෙල පොලීසියේ රථවාහන අංශය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් 6 ක් රෝහලේ
upali Sunday, 18 August 2019 04:32 PM
මෝටර් රථයේ තරුණියන් සිව් දෙනයි, තරුණයන් සිව් දෙනයි කොහොමද වාහනයේ ආවේ?