(කුෂාන් ජයවර්ධන)
කැකිරාව තෝනිගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක කැබ්රථයක් ගැටීමෙන් අද (11) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය කියයි.
නවතා තිබූ ත්‍රී රෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජී. සීලාකුමාරි නැමැති 53 හැවිරිදි කාන්තාවකි.
අනතුරින් පසු තුවාල ලැබූ කාන්තාව කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
එම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාව ඇතුලු පිරිස ගමන් ගත් ත්‍රීරෝද රථය මාර්ගය අසල නවතා තිබී ඇති බවත් පසුපසින් පැමිණි කැබ් රථයක් ත්‍රී රෝද රථයේ ගැටී ඇති බවත් පොලිසිය කියයි.
ත්‍රී රෝද රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පස් දෙනෙකු සිට ඇති අතර එම පිරිස එකම පවුලේ අය බව පොලිසිය කියයි.
අනතුරින් පසු බරපතල තත්ත්වයේ සිටි කාන්තාව ඇතුලු සිව් දෙනෙකු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබිණ.
අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කැකිරාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.
ත්‍රී රෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.
කැබ් රථයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරොව්පොතාන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කැබ්රථ රියදුරු හෙට (12) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය කීය.



2025 දෙසැම්බර් මස 18
531
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් කාන්තාවක් මරුට