IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රිටිගල රක්ෂිතයේ ඉඩම් කොල්ලයක්

 (කාංචන කුමාර ආරියදාස)
 
රජයේ ඉඩමක දස වසරක් භුක්ති වින්දහොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට  යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව  ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුළ ගනේවල්පොල  කඳුබොඩ    ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව තොරතුරු අනාවරණය වී තිබේ.
 
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල  රිටිගල කඳු පාමුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඳුබොඩ ප්‍රදේශයේ ඉතා රහසිගතව කණ්ඩායමක් විශාල ගස් වැල් කපා දමා රිටිගල රක්ෂිතය හෙළිපෙහෙළි කර ගිනි තබමින් සිටින බවට  ලැබුණු තොරතුරක් අනුව එහි ගිය විට මෙම කරුණ අනාවරණය කර ගැනීමට හැකි විය.
 
ඒ අනුව අද  (09) දහවල් එම ස්ථානයට යන විටත්  විශාල භූමි ප්‍රමාණයක් වනය විනාශ කර ගිනි තබා තිබෙන අතර  විශාල භූමි ප්‍රමාණයක් හෙළිපෙහෙළි කර මේ වන විට කජු පැළ සිටුවා භුක්තිය ඔවුන්ගේ  සතුකර ගැනීමේ ක්‍රියාවලිය දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
එයට සමගාමීව රිටිගල රක්ෂිතයේ ඉපැරණි ගස් සියල්ල කපා ගිනි තබා විනාශ කරමින් ඉඩම් හෙළි පෙහෙළි කරන ආකාරය විවිධ ඉදිකිරීම් සඳහා අඩිතාලම් කපා ගඩොල් රක්ෂිතයේ ගෙනැවිත් දමා තිබෙන ආකාරයද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
රක්ෂිතයේ පිහිටි ඉතා වටිනා රූක්ෂ ගස් මුල්වලට ගිනි තබා ඒවා ද විනාශ කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් ඉතා ජයටම සිදුකෙරෙන යන ආකාරය ද රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
මේ වනවිට ස්ථාන හයක පමණ අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක් මෙසේ අත්පත් කරගෙන ඇතිබව ප්‍රදේශවාසීහු කියති .එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බවට හැඟවෙන ලී කැබලි වලින් මායිම් සටහන් කර තිබෙන ආකාරයද රක්ෂිතය තුළ දක්නට ලැබිණි. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැකිරාව අඩවි වන කාර්යාලය විමසීමේදී එහි ඉහළ නිලධාරීහු සහ පහළ නිලධාරීහු පරස්පර ප්‍රකාශ නිකුත් කළහ.
 
මුලින්ම අප මේ පිළිබඳව විමසීම සඳහා කැකිරාව අඩවි වන නිලධාරී  රවින්ද්‍ර  ලාල් මහතා හමුවීමට එම කාර්යාලයට ගියෙමු.

ඒ මහතා කියා සිටියේ පුද්ගලයන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කොට තිබෙන බවයි. ඔවුන් පැරණි බලපත්‍රයක් පෙන්වූ බවද එය තමාට පිළිගැනීමට නොහැකි බවද ඩවි වන නිලධාරි රවීන්ද්‍රලාල් මහතා පැවසීය. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලී කණුවලින් මායිම් සටහන් කිරීමත් සිදු කර නැති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

 



අදහස් (1)

රිටිගල රක්ෂිතයේ ඉඩම් කොල්ලයක්

sharm warn Wednesday, 10 July 2019 09:30 AM

මේවා පිටුපසින් දේශපාලන හස්ත නැහැයි කියලා කවුරු හරි කියන්නකෝ .. අපි හරි ආසයි අහන්න .. කෝ මේ පාටලී චම්පික ... අර කිවේ අනාගත දේශගුණ පෙරලි ගැන .. මේ වෙන්නේ ඒවාට පාර කපන ඔහෙලගේම හෙන්චයියන්ගේ සහයෝගය තමයි .. පරිසර අධිකාරියයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි ගොර ඇද ඇද නිදි ... අල්ල ගන්න එවුන් වත් ඇප පිට එලියට දාලා තියෙන්නේ ..ඉතුරු ටිකත් ඉවර කරපන් කියල වෙන්න ඇති ... අඩු ගානේ ගමේ මිනිස්සුන්ට වත් මේ අපරාදේ ට විරුද්ද වෙන්න බැරිද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site