(දයාරත්න ඇඹෝගම)
බාහිර හෝ අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධාරින්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාතේ උපාධිධාරින් පිරිසක් අද (09) කැකිරාව මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත වුහ.
අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරින් මෙන්ම ඩිප්ලෝමාධාරින්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
මේ අතර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාතේ උපාධිදාරින් 539 දෙනෙක් සදහා ගුරු පත්විම් ලබාදිමේ උත්සවය කැකිරාව මධ්‍ය විද්‍යාලයේදි පැවැත්වුණි.
ජනාධිපතිවරයා කැකිරාව මධ්‍ය විද්‍යාලයට පැමිණෙන අවස්ථාවේදි මෙම රැකියා විරහිත උපාධිධාරින් පොස්ටර් සහ බැනර් ප්‍රදර්ශණය කරමින් මෙසේ නිහඩ උද්ඝෝෂණයක නිරතවිම විශේෂත්වයකි.
මෙම නිහඩ උද්ඝෝෂණයේදි පොලිසිය විසින් එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd