IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාවණා ඇල්ල ප්‍රපාතයට ත්‍රිරෝද රියක් පෙරැළී 2ක් මරුට :4ක් රෝහලේ

(පාලිත ආරියවංශ)
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල 23 සහ 24 කිලෝමීටර් කණු අතර(මවුන්ට් හෙවන් හෝටලයට නුදුරින් ) ඇති වංගුවකදී ත්‍රිරෝද රථයක්  අඩි 400 ක පමණ ප්‍රපාතයට පෙරළී  සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්කළ  6 දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් 4ක්  බරපතල තුවාල ලබා ඇත.

ඔවුහු බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල ප්‍රතිකාර ලබති. මෙසේ අනරතුරට පත්ව ඇත්තේ  වැල්ලවායේ ඥාතියෙකුගේ මළ ගමට ගොස් ගෙදර යමින් සිටි එකම පවුලකට අයත් පිරිසකි.

එක පිරිසක පියා විසින්  ත්‍රිරෝද රථය පැදවු අතර  අතර පිටුපස අසුනේ ඔහුගේ බිරිද හා දරුවෙක් ද අනෙක් පිරිසේ මව සහ  දරුවන් දෙදෙනෙකු   ගමන් කර තිබේ .

බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවීම් හා ජීවිත බේරාගැනීමේ ඒකකයෙන් නිලධාරින් පැමිණ  ඇල්ල පොලිසිය හා ප්‍රදේශවාසීන්ගේ සහායද ඇතිව මහ ප්‍රපාතයේ සිටි තුවාලකරුවන් ගොඩගත් බව පොලීසිය කියයි.

ත්‍රිරෝද රථය  පැදවු පුද්ගලයා  ළමයෙක් හා කාන්තාවක් බදුල්ල මහරෝහලට යැවු නමුත් කාන්තාව එහිදි මියගොස් තිබේ.

අනෙක්  කාන්තාව හා ළමයි දෙදෙනෙක් බණ්ඩාරවෙල මූලික රෝහලට රැගෙන ගිය නමුත් එහිදි එම කාන්තාවද මියගොස් ඇත. 

මීගහකිවුල අරාව සහ ඇල්ල ගොටුවෙල  පදිංචි මෙම පවුල් දෙකේ කාන්තාවන් දෙදෙනා නෑනලා වන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ නිලංගිකා දිල්හානි 36 සහ විජේසුන්දර මුදියන්සේලාගේ ඥානවතී (38)යන දෙදෙනාය. 

42 හැවිරිදි  ත්‍රිරෝද රථය පැදවූ  පුද්ගලයා, අවුරුදු  10 සහ,අවුරුදු 16 යන වසස්හි පසුවන පිරිමි ළමුන් දෙදෙනා හා  8 හැවිරිදි   ගැහැණු ළමයා බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල ප්‍රතිකාර ලබති.



අදහස් (0)

රාවණා ඇල්ල ප්‍රපාතයට ත්‍රිරෝද රියක් පෙරැළී 2ක් මරුට :4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site