IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන් භාණ්ඩ සොරකම් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

(අධිකාරි මුදියන්සේ)

නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) පොල්ගහවෙල නගරයේදී  අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල  පොලිසිය පවසයි.

මෙම සැකකරු විසින්  පසුගිය පෙබරවාරි මස  පනලිය ප්‍රදේශයේ  හා පොල්ගහවෙල නගරයේ  නිවාස දෙකකට ඇතුළුවී රන් භාණ්ඩ සොරා ගෙන ඇති අතර එම රන් භාණ්ඩ වල වටිනාකම දෙලක්ෂ හැටහත් දාහක් පමණ වන බව පොලිසිය පවසයි .

සොරාගන්නා ලද  රන් භාණ්ඩ සොයා  මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇති අතර පොලිසිය කළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එම සැකකරු පෙර  කළ අපරාධයක්  සම්බන්ධයෙන්  සේවයෙන් ඉවත්කළ පොලිස්   නිලධාරියෙක් බවත් ඔහු කෑගල්ල හැලමඩ ප්‍රදේශයේ පදිංචි වයස 34 හැවිරිදි පුද්ගලයෙකු බවයි .

අත්අඩංගුවට ගත් සැකකරු පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සොරකම සම්බන්ධයෙන්  පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

 



අදහස් (0)

රන් භාණ්ඩ සොරකම් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site