IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රන් බිස්කට් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රන් බිස්කට් හතක් තම සිරුරේ සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.

මොහු කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව රේගුව පවසයි.

ගුවන් යානය වෙත පිවිසෙන ගේට්ටුව අසළ දී මෙම ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ සඟවා ගෙන තිබූ මෙම රන් බිස්කට් තොගය සොයා ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබුණ .

රන් බිස්කට් සහ මෙම ගුවන් මගියා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දුන් අතර එහිදී මෙම ග්‍රෑම් 508.75 ක් බර මෙම රන් බිස්කට් තොගය රුපියල් 38,15,625 කට තක්සේරු කර තිබුණි .

 



අදහස් (0)

රන් බිස්කට් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site