(සිතුම් චතුරංග)
රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිදහස් කරන ලෙසත් එම සිසුන් වෙත අධිකරණයෙන් ඇප නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ අද (12) බැනර් හා පෝස්ටර ප‍්‍රදර්ශනය කරනු ලැබීය.
අධ්‍යාපනය ලබන සිසුන් සිරගතකර ඇති බවත්, අධිකරණයෙන් රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර සිටින සිසුන් වෙත නිදහස ලබාදෙන ලෙසටද සදහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළුවන ස්ථානයේ බැනර් ප‍්‍රදර්ශනය කර තිබිණ.
යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් සමග මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් පසුගිය (03) වැනිදා කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් (24) හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.

2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
398
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනය සරසවියේ විරෝධතාවක්