IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යාපනය ප්‍රා.සභා මන්ත්‍රීවරයකුට තියුණු ආයුධ වලින් පහර දෙයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කළ බව  පලෙයි පොලීසිය පවසයි.

පේදුරුතුඩුව ඊ.පී.ඩී.පී. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙබමාලෙයි සෙබස්තියන් මහතා පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත.

කැපුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කිලිනොච්චිය මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පහර දීම සිදුකළ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත සිදු කළ පහරදීමක් බවට සැක පළ කරන බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත්  පලෙයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

යාපනය ප්‍රා.සභා මන්ත්‍රීවරයකුට තියුණු ආයුධ වලින් පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site