තිලකරත්න දිසානායක
ගම්පහ - ගණේමුල්ල අතර යාගොඩ දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කළ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරකට පත්ව අයෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ.
කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (25) සවස යාගොඩ දුම්රිය ස්ථානයෙහි නවත්වා යළි ගමන් අරඹා දුම්රිය හරස් මාර්ගය අසලට පැමිණෙනවාත් සමග මාකිලංගමුව දෙස සිට මහනුවර - කොළඹ ප්රධාන මාර්ගය දෙසට ගමන් ගැනීමට පැමිණ ඇති ජීප් රථය දුම්රියෙහි ගැටී තිබේ.
දුම්රියෙහි ජීප් රථය ගැටීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු අතුරින් 26 හැවිරිදි අයෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලටඇතුලත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුර සිදුවු යාගොඩ දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය හරස් මාර්ගයෙහි ගේට්ටුවක් නොමැති අතර වර්ණ සංඥා පමණක් යොදා ඇති ස්ථානයකි.



2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යාගොඩදී ජිප්රියක් දුම්රියක ගැටී අයකුට තුවාල