(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ දී යතුරු පැදියක් වෙනත් වාහනයක ගැටීමෙන් අද (03) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි.
ඉඹුල්පේ මැදගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
යතුරු පැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කොළඹ බදුල්ල ප්‍රධන මාර්ගයේ ඉඹුල්පේ ප්‍රදේශයේදී යතුරු පැදිය ගමන් කළ දිසාවටම ධාවන වූ වෙනත් වාහනයක යතුරු පැදිය ගැටී අනතුර සිදුව තිබෙන අතර එම වාහනය මෙතෙක් හඳුනා ගෙන නොමැති බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd