(ප‍්‍රදීප් කුමාර)
යාපනයේ සිට වවුනියාව දෙසට පැමිණෙමින් තිබු යතුරුපැදියක් කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී පෙරැළී යෑමෙන් එහි ගමන් ගත් පුද්ගලයකු අද (13) මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
යතුරුපැදිකරුට නින්ද ගොස් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට කිලිනොච්චිය පොලීසිය සැක පළ කරයි
මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන කිලිනොච්චිය කී‍්‍රෂ්ණපුරම් ප‍්‍රදේශයේ පදිංචි එස් පී‍්‍රෂාන්ත් නැමති අයෙකි.
මෙම පුද්ගලයා අනතුරට ලක්වීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd