(විජේරත්න රත්නායක)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී අද (9) දහවල් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පසුපස අසුනේ ගමන්ගත් තරුණියක මියගිය බව ඇල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල කැටවල ලන්දේවෙල පදිංචිව සිටි එම්.එම්.දිනිති නිමේෂා නමැති 19 හැවිරිදි තරුණියකි.
මියගිය තරුණිය තරුණයකු ද සමඟ යතුරුපැදියෙන් වැල්ලවාය ප්‍රදේශයේ සිට ඇල්ල දෙසට එමින් සිටියදී යතුරුපැදිය මාර්ගය හරහා පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඇය මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන්ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd