(ප්‍රියාණි මංගලිකා)
කුරුණෑගල ,රත්කරව්ව ,ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (27) සිදු වූ අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය .
අනතුරින් මිය ගොස් ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ඒ.කේ.රංජිත් (42) නැමති අයෙකු වන අතර අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු බෙලිඅත්ත ප්‍රදේශයේද සහ එක් අයෙකු රත්නපුර ප්‍රදේශයේ ද පදිංචි අයවලුන් වෙති.
මෙම පිරිස බෙලිඅත්ත ප්‍රදේශයේ සිට ව්‍යාපාරික කටයුත්තක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd