
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ දී අද (3) දහවල් මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි .
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සමන් කුමාර 58 ව්‍යාපාරිකයෙකි.
මිය ගිය මෝටර් රථ රියදුරු හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබියදී බණ්ඩාරගම සිට හොරණ දෙසට ගමන් ගත් ලොරි රථය මෝටර් රථය වෙත කඩා වැදී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලද මෝටර් රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහංසක ජීවිතයක් නේද මේ. මේවගේ දේවල් ලංකාවේ නැති කරන්න බැහැ