(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
 
මොරහැර උඩවෙල  සණස බැංකුව ශාඛාවේ හිටපු කළමනාකාරිණිය අගෝස්තු 27 දා දක්වා යළි  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ  වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි  මහතා අද (20) නියෝග කළේය.

බලන්ගොඩ ප්‍රදේශයේ  මුදල් තැන්පතුකරුවන්ගේ රුපියල්  කෝටි  15 කට  ආසන්න  මුදලක් වංචා කළැයි ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ බලන්ගොඩ   රත්මලවින්න  ප්‍රදේශයේ පදිංචි   අතුකෝරළලාගේ මංගලිකා චිත්‍රංගනි   නැමැති  (48) හැවිරිදි කාන්තාවකි.