
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු ඩිමෙල් පාරේ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමට යාමේදී මහ නගරසභා නිලධාරින් විසින් එම ස්ථානයේ තිබු බතල පෙට්ටියක් ලොරියකට පැටවිමට ගත් උත්සාහයේදී එම ස්ථානයේ සිටි වෙළෙන්දෝ මොරටු මහ නගර සභා ලොරිය යට නිදා ගනිමින් අද ( 26) ඊට සිය විරෝධය දැක්වූහ.
වෙළඳුන් 17 දෙනෙකු පමණ මෙම ස්ථානයේ වෙළඳාමේ නිරත වන අතර මෙම වෙළදුන් ඉවත් කිරීමට මොරටුව නගර සභාවෙන් ඊයේ (25) ද උත්සාහ කර තිබිණි.
මොරටුව මහ නගර සභා නිලධාරින් ක්‍රියා කළ ආකාරයත් සමග අද වෙළඳුන් විරෝධතාවයක නිරත වූ අතර එම අවස්ථාවේදී එතැනට පැමිණි මොරටු මහ නගර සභා ලොරිය බතල පෙට්ටියක් පටවා ගැනීමට දැරූ උත්සාහයේදී එම අවස්ථාවේ සිටි පිරිස මෙලෙස විරෝධතා මතුකරන්නට වූහ.
දුප්පත් වෙළඳුන් පීඩාවට පත් වී සිටින මොහොතක මේ ආකාරයෙන් මොරටුව නගරාධිපති ඇතුළු නිලධාරින් කටයුතු කිරීම ඉතා අමානුෂික ක්‍රියාවලියක් බව ද ඔවුහු කීහ.
නගරාධිපතිවරයා පවතින තත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළ සිය දරු මල්ලන් ද දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව එම ඔවුහූ පැවසූහ.
ඊයේ දින මොරටුව මහ නගර සභාවෙන් මෙම වෙළඳුන් ඉවත් කරන්නට සැරසෙමින් නිලධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි අතර මොරටු පොලිස් නිලධාරීහු ද එසේ ආරක්ෂාව සැපයීමෙන් වැළකී සිටියහ.
ලිඛිතව හා වාචිකව සිදුකළ ඉල්ලීමට අනුව පොලිස් ආරක්ෂාව නොදුන්නේ යැයි පවසමින් මොරටුව නාගරික කොමසාරිස් තෙවරප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මොරටු පොලිසියට එරෙහිව පැමිණිලි 7 මොරටු පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.
මොරටුව පොලිසියට පැමිණිලි හතක් ඉදිරිපත් කරමින් අනවසර වෙළඳුන් ඉන් ඉවත් කිරීමට පොලිස් ආරක්ෂාව සපයන්න යැයි ඉල්ලීම් කළත් එහිදී පොලිස් නිලධාරීන්ද පැවසූයේ මේ ආකාරයෙන් වෙළඳුන් ඉවත් කිරීම මෙවන් අවස්ථාවක සාධාරණ නොවන බවයි.


2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරටුවේ අනවසර වෙළඳුන් ඉවත් කිරීමට විරෝධය